
සඳ කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා..
සකුණ ගීය සැඟවී යන විට
පලා පැහෙයේ කළු තවරා
සැඳෑ අඳුර ගේන පවන
වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින
සින්ඩරෙල්ලා..
කැමේලියා මල් සුවඳට..
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිදු සේල සළුවෙන්
වළාකුලින් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා..
කැමේලියා මල් සුවඳට..
No comments:
Post a Comment