නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

වෙන් වී දැන් යන්න ඉතින් - Wen wee dan (Chamika Sirimanna)


වෙන් වී දැන් යන්න ඉතින්
වෙන් වී යන්නම ඕනේ නම්
කීරි ගැසී හඩන සුසුම්
ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැව්ව සෙනේ
රහසේම කාටද පුදා

මගේ සිහිනේ ඉඩ ඉල්ලා
පෙරදා ඔබමයි පියමැන්නේ
පෙම් අහසේ වෙලී ඉදලා
කෙලෙසද මා අද හැරයන්නේ
සෙනෙහසින් පෙර එදා
මගේ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා
මා දමා යයි ඔයා

පෙම් සිහිනේ දුක රන්දා
ගියාට කම් නෑ සතුට සොයා
මගෙ සෙනෙහේ සිහිවේ නම්
කවදා හෝ යලි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා
මගේ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා
මා දමා යයි ඔයා

වෙන් වී දැන් යන්න ඉතින්...//

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X