නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

හිමාලෙට වඩා උසයි සෙනෙහස - himaleta wada usai (ජුඩ් රොගන්ස්)


Jude Rogans song lyrics


හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ
ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
ආදර මගෙ තාත්තේ...////
හිමාලෙට වඩා උසයි

දරදඬු හිත මගේ අයාලෙ ගිය දිනේ
කඳුලැල් මොනතරම් පිරුනද ඔය නෙතේ
ඒ ඔවදන් මා සුමඟට ගෙන මිස නෑ හැර ගියේ
අද මා සිටිනා තැන දැක සතුටින් අවවාද දේ
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ

හිමාලෙට වඩා උසයි...

කරදර ආ මගේ නොබියව ලඟ හිදී
දියුණුව දැක මගේ ආශිර්වාද දේ
නොදකින දෙවියන් වැන්දද ඔබමයි දෙවියන් වුනේ
උපදින හැම භවයකදිම වෙන්නද මම පුතු ඔබේ
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ

හිමාලෙට වඩා උසයි...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X