නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන් - ayeth monawath liyanne (සංගීත් විජේසූරිය - sangeeth wijesuriya)



ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්
කිසිවක් කියන්නෙ නෑ ආයේ
ගමකට හිතන්නෙ නෑ හිත ඇතිමුත්
ළමාතැනී මං නුඹට ලියූ හොර ලියුම් අපරාදේ

(කුලී ගෙදර තාමත් මට හෙවණයි
තනිකම සින්නක්කර නිවනයි)...//
නුඹ ලැබුණානම් නෑ මේ ලෙඩ දුක්
කසාය නොව මං අද බොන්නේ සරුවත්
ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්

(කලඳක්වත් තෙත් නොවූ හිතක් ගැන
කප්පරකට පැතු උතුම් පැතුම්)...//
පලදෙන්නේ නැති එක සත්තයි දැන්
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්
කිසිවක් කියන්නෙ නෑ ආයේ
ගමකට හිතන්නෙ නෑ හිත ඇතිමුත්
ළමාතැනී මං නුඹට ලියූ හොර ලියුම් අපරාදේ
කසාය නොව මං අද බොන්නේ සරුවත්
ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්
ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුඹ වෙනුවෙන්

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X