අහස් ගවුව දුර නෑ ඔබ ළඟ ඉන්නවනම් - ahas gawwa dura naa (ජුඩ් රොගන්ස්)


Jude Rogans song lyrics


අහස් ගවුව දුර නෑ ඔබ ළඟ ඉන්නවනම්
සිතුල් පවුව රළු නෑ හඳ පිරිමදිනවනම්
තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ මගෙ හද දැනෙනානම්

පරවෙන පැතුමට කිරි වද්දාගෙන
රුහුනේ කෙත් යායෙන්
හැරයන්න වයසට වේලි බදිනවාද
මහ වැලි ගඟ මැද්දෙන්
විස්ස වුවත් පොඩි නෑ මගෙ හිත දැනෙනානම්

කලු සුදු සිහිනෙට පාට පොවා
හග්ගල මල් වත්තෙන්
ළඟදීම දවසක පෝරු තනාගමු
ඉසුරුමුණිය පැත්තෙන්
තිස්ස වැවෙත් වැලි නෑ සිතුවිලි ගැහෙන තරම්
විස්ස වුවත් පොඩි නෑ මගෙ හිත දැනෙනානම්

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X