
සඳ රැල්ල පවා අමුතුයි
ඔබේ සුවඳ සුසුම් හිත උමතු කරන්
පව නැල්ල පුරා මුසුවෙයි
ඔබ ලඟ මං අතර මං වෙලා
ඒ ආදරයට නොහැඟෙයි..//
සීතල ඇවිදින් හංකිති කැව්වා
කාටද ඉඟි බිඟිකරලා
නාඳුනන හැඟුම් ඇත හිත රැදුනා
ජීවිතේ සතුට තවරා
රෑ හඳට වෙලා මඳහස සලනා
ආ විලස එයින් බැහැලා
මා ලඟාට වෙලා ඔබ තරු අමුනා
මා ගෙලේ බඳෙ පලදා
ජීවිතය දැනෙයි..
ආදර තෙපුලෙන් හිත වසඟ කලා
ජීවිතයම එහි සඟවා
මේ සොදුරු තෙපුල් තුල සැරිසැරුවා
මං ඉමක් කොනක් නොසොයා
මා මුවග පුරා සිනහව තවරා
සන්තෝසය හිත පුරවා
රෑ සිහින පුරා සැරිසැරුවා
ජීවිතේ මිහිර අඟවා
ජීවිතය දැනෙයි..
No comments:
Post a Comment