හදේ කොතැනක හෝ - Hade kothanaka hoo (Sunil Edirisinghe)


හදේ කොතැනක හෝ
හිදි ඔබ නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනෙන්
පෙලයි මා මුදා සුව දැහැනින්..//

සයුර ඉමලත් සිතිජ රේඛාවේ
නිවන කිව්සේ ගෙනෙයි බිම් අදුරේ
තලා මා සිත පලා ගිය ඔබ දවයි
මා හද තනිවෙනා මොහොතේ

හදේ කොතැනක හෝ ...

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
යදින්නම් ඔබ මැකී යනු මතකෙන්

හදේ කොතැනක හෝ ...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X