ඔබ මැව්වේ - Oba mauwe (Jude, Shanika)


Jude Rogans song lyrics


ඔබ මැව්වේ ඔබ හට නොවේ
මා වෙනුවෙනි මේ බවයේ
මා මැව්වේ මට නම් නොවේ
මා හිමි ඔයාටයි ප්‍ලොවේ
මා ඔබේ වෙලා
ඔබ මගේ වෙලා
අපි දැන් අපගෙයි නේ...

පෙම්බර හිත් තීරේ
ආල හැඟුම් බෝවේ
දැනුනා ඔබේ ආලේ
ඔය රළු පපු තලයේ
පැලවෙන්නම් රහසේ
ආදරේ වෑහේ හදේ
මා ඔබේ වෙලා
ඔබ මගේ වෙලා
අපි දැන් අපගෙයි නේ...

මා පැතු ඔය තුරුලේ මියදෙන තුරු රහසේ
ඉන්නයි මට ඕනේ
උපදින හැම බවයේ
ඔබටයි මගේ සසරේ
මා ඔබේ වෙලා
ඔබ මගේ වෙලා
අපි දැන් අපගෙයි නේ...
ඔබමයි මට ඕනේ

ඔබ මැව්වේ ඔබ හට නොවේ...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X