බැස යන සඳ - Basayana sada (Namal Udugama)


බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ
පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ
ඔබ බැස යන සඳ නම්
ඔබ පරවෙන මල නම්
‍රැක ගනිමිද කෙලෙසින්..//

නන්නාදුනන දෙසින
ගිමනට සිසිල ‍රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි

ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්..//
බැස යන සඳ දෑසින්

මන්දාකිණිය ගලන
නිසසල ‍රැයට මැවෙන තරුමල් අඹරේ හිනැහී
මැදියම් අදුරේ සැඟවෙයි

ඔබ ඒ අහස වගේ නම්
හඳුනා ගන්නද කෙලෙසින්..//
බැස යන සඳ දෑසින්

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X