මීවිත පිරුණා - Meevitha piruna (Dinesh Abeywickrama)


මීවිත පිරුණා මැදියම් රෑ
ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ
නෙතු ලඟ සීතල මැවුනා
කඳුලක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ

සියොලඟ තෙමුනා තුරුලට වී
සඳ්ස් ගිනි ගත්තා උණුසුම් වී
මතකට පමණයි ඈ මියදෙයි
මේ තනි යහනේ මා තනි වී..
නෙතු ලඟ සීතල මැවුනා
කඳුළක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ

මීවිත පිරුණා..

වාවනු බෑ හිත නිනි ගද්දී
මට උණුසුම විතරයි ඔබ ඉද්දී
සුදු පාටින් ඇයි ඔබ සැරසී
ඔය නිල්නෙතු නිහඬයි අද දියවී..
නෙතු ලඟ සීතල මැවුනා
කඳුළක් තාලෙට හැලුනා
මා හද හැඩුවා ඔබ දන්නෑ

මීවිත පිරුණා..

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X