හිත ලඟ ඔබ කෙදිරු කතා
සිහිනෙක මා තනි කලා
මා සිටියා දෑසම පියා
ඔබ මා ලඟ තව ඇති කියා
සිත නෑ ඔබ මා හැරගිය දා පටන්
විදින්න නෑ ජීවිතයක් ඉතින්
ඔබමේ තරමට රිදෙව්වේ
ආදරේ ඔබ ඇයි දෝ මේ ලෙස හැර ගියේ
ඔබදෝ මා සිත තනිකලේ ආදරේ //
ඔබ ඇයි මට ලං වුනේ
තනි අදුරක මා තනි කලේ
මට මගේ දුක විතරක් තියා
ජීවිතයම අරගෙන ගියා
පෙරදා ඔබ මා හා ගතකල ආදරේන්
ඔබ ඇයි අහසට විසිකලේ
මට බෑ ඉඟිලෙන්න ඔය තරම්
ආදරේ ඔබ ඇයි දෝ මේ ලෙස හැර ගියේ
ඔබ ඇයි මා සිත තනිකලේ ආදරේ //
ආදරේ ඔබ ඇයිදෝ මේ ලෙස හැර ගියේ
ඔබදෝ මා සිත තනිකලේ ආදරේ
ආදරේ ඔබ ඇයි දෝ මේ ලෙස හැර ගියේ
ඔබ ඇයි මා සිත තනිකලේ ආදරේ //
No comments:
Post a Comment