මේ නිල් අහස තරම්


මේ නිල් අහස තරම්
මේ නිල් මුහුද තරම්
මට ආදරේ කියලා
නොසලා ඇහි පිල්ලම්
මුහුනට මුහුන තියන්
මගේ ජීවිතේ ඉදලා
හරි ආදන් ඉදලා
මුළු ජීවිතෙන්ම බැදිලා
මේ හිතද හිතක් කරලා
මා කෙරෙන් මිදිලා ඇයි මේ
සංසාරේ සුවඳක් දී
රෑ සඳට හොරෙන්
ලං වුයේ ඔබම තමා
මා නිදියද්දි
හිත අරගත්දා
හිස සිපගත්දා
මාවත් මගෙන් අරන්
මොනවාද මට දුන්නේ..
රිදවන්න සුසුමක් දී
දුක්බර සුලඟින්
වෙන්වුයේ ඔබම තමා
මා හට දුක දී
කදුලක් දීලා
තනියක් දීලා
මාවද අයින් කරන්
මොනවාද ඔබ ලැබුවේ...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X