මලට රේණුසේ ඔබ ලග ඉන්නම්
සඳට තරුව සේ තනිය මකන්නම්
නෙතට කඳුල සේ නෙත ලග ඉන්නම්
මියෙන තුරා ආදරේයි කියන්නම්
සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවිනම්
ආල කතන්දර හොර රහසේ කියාවිනම්
ඔබේ තුරුලේ උණුසුම් සුව ලැබේවිනම්
මියෙන තුරා ආදරේයි කියන්නම්
පාළුව මකනා කවියක් සේ ඇසේවිනම්
මා සවනේ රෑව් දිදි රෑදි ඉඳිවිනම්
ඔබ කිසිදා මා සිත නොතලා රෑදේවිනම්
මියෙන තුරා ආදරේයි කියන්නම්
No comments:
Post a Comment