වැහි දිය මහ බිම තෙමුව


වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් කැල ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද

රෝස පතක කවි ලිව්වේ
සුවඳ දිදී තියාගන්න
මේ විදියට ගී ගැයුවේ
ඉන්න තැනක දී ඇහෙන්න
උස අත්තක මලක් උනේ
ගව් ගණනක් දුරින් ඉන්න    
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න  

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X