උස්‌සංගොඩ කදු මුදුනට - ussangoda kandu (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


උස්සංගොඩ කදු මුදුනට සිසිල ගෙන දෙන
සන්ධ් යාවේ සුලගත් මට නොදෙයි සැනසුම
සිත්තම් කර සිත ලග සුන්දර පෙම් සිහින
දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම

නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගමරට
මගේ පුංචි කුමාරියගෙ මූණ දකින්න
හදාගන්න බැරි තරමට බිදුනේ මගෙ හිත
ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක

එදා තුරුලු වී මටදුන් මධුමල් සුවද
සදා සිහිකරයි වැටකේ ගහයට හෙවණ
කඩා හැලෙන කදුලැලි මුහුවෙලා සයුරට
සදාතනික පැතුමන් මිමිනුවා හදවත

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X