උමතු කලා මා උමතු කලා - umathu kala ma (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


උමතු කලා මා උමතු කලා
ආදරයෙන් මා උමතු කලා
නිගා කලා ඔබ නිගා කලා
ඒ ආදරයට ඔබ නිගා කලා

ඇස ඉතිරි කලේ එක උනු කඳුලක් පමණයි
මගෙ කුසලානය තුල තිබුනේ විෂ මදුවයි
මුව රැඳුනේ හීසරවන් සරඳම් වචනයි
ඔබ විහිළු කලේ මගෙ ජීවිතයත් සමගයි

උමතු කලා.....

ජය ලතාවකට කල ඉඟි බඟි හරි සොඳුරුයි
තව වතාවකට ඒ ඉඟියම හරි කුරිරුයි
නව කතා වගෙයි කල කතා හරිම මියුරුයි
ඔබ ඉතා රසට ගෙතු මුසා වදන් රුදුරුයි

උමතු කලා.....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X