උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට - udawadiya malak (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
හිත පාරමි පුරන්නෙ දුර ඈත ඉදන්ම
උඩවැඩියා කුමාරි රජමැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලාගන්නට

ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්ම
මගෙ හිත ඔබ ලග නැවතී මටත් හොරෙන්ම
ලෙන්ගතු වූ ලය සුසුමින් සිදරු කරන්න
සුන්දර ඔබ නපුරු වුනේ කොහොම කියන්න....
උඩවැඩියා........

පෙම්බර ලොව සිතැගි සුවද ටිකක් විදින්න
ආදරයේ නැවුම් සුවද අරගෙන එන්න
මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න
දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න...
උඩවැඩියා.......

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X