ඇතුගල වෙහෙර වඳින - athugala wehera wadina (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිනි රෑන//
ඔබ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරං//

රන්තාලිය වැව ලඟ උන් කාලය මතකද
අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං
හැඬුවේ දුකට රත්තරං

ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිනි රෑන//
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරං//

ඇතුගල කන්ද තවම සඳ සිපගන්න තරම
දැකදැක ඉන්න බැරුව මගෙ හිත ගිනි වැදුනම
කුරුණෑගල අහසත් දැන්
හඬාවි දුකට රත්තරං

ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිනි රෑන//
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරං//

එකතු කලේ : හද රැදි ගී

1 comment:


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X