නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සමාවෙන්න බෝපතකට - samawenna bo pathakata (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


සමාවෙන්න බෝපතකට කඳුළු බිංදු වැටුනා
ඔයයි මමයි මේ මළුවෙදි එකතු වෙන්න පැතුවා
දරා ගන්න බැරි ගින්දර බෝ සමිදුට කිව්වා
අමාවකට අව සිහියෙන් සඳ බලන්න දිව්වා

මංගල මුදුවට ආයුශ මාස තුනක් විතර
කවුරුන් හෝ නොදැන ඇවිත් නිතර අපේ ගෙදර
වේල් පිරිත් තොවිල් පවිල් කරත් නිතර නිතර
හැමතිස්සෙම ඔයයි මමයි වෙන්නෙම අඩ දබර

ඉරි තල තල දෙදරනකොට ලෙන්ගතු හද පතුල
මූසිලගේ වීණා හඬ වාගෙයි මුළු ලොවම
මා ආදර පෙම්වතියට නොදැනෙන හද සුවඳ
සාදාරණ වෙන කාටද ජීවත්වන තුරුම

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X