නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

රෑ අහසේ තරු ගානට - raa ahase tharuketa (Centigratez)


Centrigrates sinhala song lyrics


රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සංසාරේ පතා ආපු
මගේ ආදරෙ මදි උනාද

ඉඟ නෙරියේ රැළි හදාපු
සවන් පතට තෝඩු දාපු
ඔය දෙතොළට හාදු දීපු
මගෙ ආදරෙ මදි උනාද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එළියේ පෙම් පුරාපු
මගෙ ආදරෙ මදි උනාද //

මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරෙ නැති වුනාම මං ජීවත් වී හිඳීද //

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X