නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන් - pura poya hadata (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන්
ගී හඞින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වලාවේ, ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

මුතු මාල පොටක් ගෙලේ බඳින දා
හිත කෝල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුනිද මන්දා

රන් තොරණ බැඳී මග සරසන දා
හද රබන් සුරල් හඞින් වැයෙන දා
නෑ හිත මිතුරන් හිනා පුරන දා
හිත ආදරයක බැඳුනිද මන්දා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X