පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ - punsanda reta awidin (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට

රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන
රන් මල් යාන හීනෙන් දකින පින පමණ
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X