මින්දදයෝ ඇවිදින් - mindadayo awidin (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


මින්දදයෝ ඇවිදින්
අහපන් රුක්අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ...//

බක්මී මල් පිපිලා සුවඳට
සඳ ගෙට පායනවා...
වැවේ නෙළුම් පිරිලා නිල්දිය
දොළේ හිනා වෙනවා...
යන එන කල් ඉඳලා මං ගැන
බඹරු කතා වෙනවා...

මින්දදයෝ ඇවිදින්
අහපන් රුක්අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ...

නා දලුවල හැපිලා මඳනළ
වැට ළඟ කැරකෙනවා...
ගොයමට පිනි වැටිලා මුතු ඉර
එළියට දිලිසෙනවා
යන එන කල් ඉඳලා මං ගැන
බඹරු කතා වෙනවා...

මින්දදයෝ ඇවිදින්
අහපන් රුක්අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X