රන් ගිර මා - ran gira maa (නිරෝෂා විරාජිනී - nirosha virajini)


Nirosha virajini sinhala song lyrics


රන් ගිර මා
ඔබ එගිර සිඹින හිරුට සමානා
පන්හිඳ මා
ඔබ එයින් ගෙතන ගීය සමානා

රන් ගිර හිස හිරු හිනැහෙද
එළියෙන් මුළු ලොව දිදුළද
නමුදු හිරුට ළං වන්නට
වරම් නොමැතියේ
ඉරෙන් ලොවක් එළිවනු දැක
ම සිත බැබලියේ

පන්හිඳ ගෙතු ගී ගැයුවෙද
මිහිරෙන් තුන් හිත නැහැවෙද
නමුදු ගීය දුන් මිහිරට
රුවන් නොමැතියේ
එයින් ලොවක් සැනසෙනු දැක
ම සිත නැලවියේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X