නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

පිනිබර යාමේ සැවුලන් අඬලනවා - pinibara yame (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





පිනිබර යාමේ සැවුලන් අඬලනවා
අම්මා වටකර ලිප ගිනි නැලවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල අඬවාවී
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වූදා
දුක්වේවී අම්මා

වේල දෙවේලේ කුසගිනි නොබලා
කඩමලු ඇන්දත් පින්කඳ බැබලෙනවා
කලට රුවන් වැසි වස්සන තාලේ
සිල්ප උගත් දා නුඹ සක්විති වෙනවා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X