පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ - pena mada kadithi (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නිවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ.....

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතූ
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ....

රණ් මසු පටපිලී අබරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා....

පැන මඩ කඩිති....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X