පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා - paru palamen kolabata (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා
ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා

කොළඹ රටේ ඉපදුනාට මටම ඔබින සෙලෙස්තිනා
බේරෙ වැවට හඳ පෑව්ව වාගෙයි මට උඹේ සිනා
කබා කුරුත්තාව ඇඳන් මුතු දෙපොටක් ගෙලේ දමා
සාන්ත බස්තියන් ඇලේ පාරු පදිමු සෙලෙස්තිනා

මහ මංකඩ කවි මඬුවක් හෙට හවසට පැවැත්වෙනා
නම් දරාපු කවි කාරයො එහි එන වග කතා වුණා
ට් රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා
ඉංගිරීසි රැජිණ වගේ මට නම් උඹ සෙලෙස්තිනා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X