නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඔබ මගෙන් සමු අරන් - oba magen samu aran (ශෂිකා නිසංසලා)


shasika nisansala song lyrics


ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙකුගේ උනත් තරහ නෑ මං
ආදරේ තරම දැනුන නම් යන්නෙ නෑ වෙන්වෙලා

අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහිවෙනවා
ඔබෙ සෙනෙහස මට අහිමි නම්
පාලුවේ ඉන්නවා

ඉකිගසා හඩන ඇස් අතරින් දුක මගේ රූරලා
ඉවසුව සරදම් විදවනු බෑ දැන් ජීවිතේ පෑරිලා
ඔබ ඈත යන්න ගියපු ලෙසින් සමුගන්න දන්නේ නෑ මම නම්

අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහිවෙනවා
ඔබෙ සෙනෙහස මට අහිමි නම්
පාලුවේ ඉන්නවා

විදවනා තරම දන්නවා නම් දුර රැදෙන්නෑ ඔයා
අදහනු බෑ දැන් හැර ගිය දුර නම් ඔබ මගෙන් වෙන්වෙලා
කවදාද එන්නේ නැවත ඔයා දැකගන්න ඉන්නේ තවම බලා

ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙකුගේ උනත් තරහ නෑ මං
ආදරේ තරම දැනුන නම් යන්නෙ නෑ වෙන්වෙලා

අමතක කරන්න බැරි තරම්
මට ඔබ සිහිවෙනවා
ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X