නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

නෙතූ සැලුනා කඳුළින් දෑස පිරී - nethu seluna kadulin (රොමේෂ් සුගතපාල - romesh sugathapala)


Romesh Sugathapala sinhala song lyrics


නෙතූ සැලුනා කඳුළින් දෑස පිරී...
ඔබ සිටියා කවුළුව ලඟටම වී...
මග තොටදී නොදුටුව විලස ඇදී...
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී...

ගිම්හානේ අප හමුවී සන්තානේ තව රිදුනී
පෙරමග මා අද නැවතී යලි එය සිහිකරමී...//

මුවැත්තියක් ගුරුගෙට ආවා..
හන්තානත් ඉඟි බිඟි පෑවා...
මල් පාරත් මට අත වැනුවා..
සුන්දර වූ සැන්දෑ ගෙවුණා...
දුක සංකා නිවුනි අප දෑතම බැදුණී මා ආදරේ ඔබට මයි..

නෙතු සැලුනා කඳුළින් දෑස පිරී...
ඔබ සිටියා කවුළුව ලඟටම වී...
මග තොටදී නොදුටුව විලස ඇදී...
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී...

ගිම්හානේ අප හමුවී සන්තානේ තව රිදුනී
පෙරමග මා අද නැවතී යලි එය සිහිකරමී...//

වස්සානේ මහ වැසි වැටුණා..
දෙසුම් හලේ පාළුව දැනුණා...
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා..
සඳ නැතිවම දින සති ගෙවුණා...
මැයි මල් පිපෙන තුරා මහවැලි ගලන තුරා මා නෙත් පියෙන තුරා...

නෙතූ සැලුනා කඳුළින් දෑස පිරී...
ඔබ සිටියා කවුළුව ලඟටම වී...
මග තොටදී නොදුටුව විලස ඇදී...
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී...

ගිම්හානේ අප හමුවී සන්තානේ තව රිදුනී
පෙරමග මා අද නැවතී යලි එය සිහිකරමී...//

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X