නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

නපුරු වෙන්න එපා කියලා - napuru wenna epa (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කිව්වා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කිව්වා
මා ... ආ ... ආදර මගේ අම්මා
මා ... ආ ... ආදර අම්මා
ඇගේ ආදර ලේ කිරි මම රස කර කර බිව්වා
මගේ ලෝකය,මගේ විශ්වය ගෙදර බුදුන් අම්මා
මා ... ආ ... ආදර මගේ අම්මා
මා ... ආ ... ආදර අම්මා

කඳුළු බිංදු හංඟා මට සුර සැප දුන්නා
රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා
දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා
මා ... ආ ... ආදර මගේ අම්මා

යන එන තැන විමසා මා පසු පස උන්නා
හිත රිදුණම හිස අත ගා දුක් ගින්දර නිව්වා
නිවැරදි මඟ පෙන්නා ගුරුහරුකම් දුන්නා
ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා
මා ... ආ ... ආදර මගේ අම්මා

නපුරු වෙන්න එපා ...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X