මුතු කැට වැටෙනා පෝරුව අබියස - muthuketa wetena poruwa (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා
විල්ලුද රන්පට තෙමනු එපා

රන් පලසේ මිණිකැන් වැස්සේ
මංගල මධුසමයේ...
රෑ......
මුහුණු වසාගෙන කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ...

මුතු කැට වැටෙනා.......

රෑ යහනේ නිදි පෙම් සිහිනේ
මංගල මධුසමයේ...
රෑ......
ඈත බලාගෙන කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ...

මුතු කැට වැටෙනා.......


No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X