සඳේ ඔබ ඇයිද මේ යාමේ - sade oba ayida me (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ... දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
සඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ

ඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන වැලපෙන මා හට
ඔබගේ කිමද පලේ

සඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ

සඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතෙකැයි කියන බෑ
හිරු මා දැව්වත් මා ලද උණුසුම
අමතක කරන්න බෑ

සඳේ... ඔබ ඇයිද මේ යාමේ
අහස කරා 


No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X