මිදුලේ අතන නංගෝ - midule athana nango (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




මිදුලේ අතන නංගෝ
කවුද හැංගි ඉන්නා වගේ
සෙල්ලම් හැංගිමුත්තන්
දන්නේ නැද්දෝ අයියා මගේ

පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම් හොයලා මම එන්නදෝ
මිදුලේ අපේ යාලු ඇයි හැංගිලා ඇවිදින් අල්ලන්නදෝ

තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ

සෙල්ලම් බත් උයාලා
එකට බෙදලා කමුදෝ අපි
කවි ගී සිංදු වාරම්
දෑත අල්ලා කියමු අපි

දැන් අම්මලා ඒවි දඟකාරකම්
හොඳ නෑ පොඩි නංගියේ
පාඩම් පොතේ රූප පැන්සල් අරන් අඳිමු අපි නංගියේ
පාට ගාලා රූප අඳිමු

ගවුමේ දූලි ගෑවී කිලිටි වීලා
අම්මා බනී
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී...///


No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X