මං ඇහැව්වා හොරෙන් හදවතින් - mama ahawwa horen hadawathin (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




මං ඇහැව්වා හොරෙන් හදවතින්
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කළොත් හොදයි කියා
මම පැත්තකට වුණා
හදවත කී දෙය ගැනම සිතා
හද පැත්තකින් තබා
ඔයා ගැනම කල්පනා කළා
ඔයා ගැනම කල්පනා කළා

කල්පනාව ගැඹුරුයි
මැවෙනා සිතුවම් හරි සොඳුරුයි
පෙර ආත්මයකදිත්
සිතුවම් කල්පනාවෙ දැවටේ
සිත දැහැන්ගත වුණා
කල්පනාවෙ ඈතට යන්න ගියා
මගෙ ගත නිසල වුණා
පෙර ආත්මයට මා අරන් ගියා

පෙර ආත්මයේදිත් ඔයා
මගෙ විනීත බිරිඳම වෙලා
මේ ආත්මයේදිත් පතා
ආ නිසාලු අපි එක්වීලා
පව් කරපු නිසා
ඒ ආත්මෙදිත් අපි නොදැන සිතා
මේ ආත්මයෙදි දැන්
එක සෙවණක ඉන්න බැරි වෙලා

මම ඇහැව්වා හොරෙන් හදවතින්
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කළොත් හොදයි කියා
මම පැත්තකට වුණා
හදවත කී දෙය ගැනම සිතා
හද පැත්තකින් තබා
ඔයා ගැනම කල්පනා කළා
ඔයා ගැනම කල්පනා කළා


No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X