නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මටත් වඩා මං ගැන හිතන - matath wada (රොෂාන් ප්‍රනාන්දු - roshan fernando)


Roshan Fernando



මටත් වඩා මං ගැන හිතන
සැරෙන් සැරේ මුළු හිත හදන
තිළිණයක් වෙලා මට ගැලු සිනාවට
පිරුණා මුළු හිතම...
අළුත් වුණා දවසින් දවස
ඔබෙන් ලබා මුළු ජීවිතය
මට කියාගන්න බෑ ආදරේ තරම්
ඔයා ගෙනත් දුන්න...

දෙනෙත් පුරා අරුණැල්ලේ සේයා
පැතුම් නෙළා හිත අස්සේ ගෑවා //
මටත් හොරා මගේ හිත හදපු නිසා
තුරුල් වුණා සතුටේ මල් පිපිලා

අදත් මගේ හැම සුසුමක් පාසා
මං ගැන කිව්වේ කොහොමද මන්දා //
මටත් මගේ ලෝකය නුඔ හින්දා
හුස්මක් ගානේ නුඹවම දැනුණා

මටත් වඩා මං......

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X