මං දහඩිය බිංදු හෙලන්නේ දරු පැටවුන් හින්දයි - man dahadiya bindu (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


මං දහඩිය බිංදු හෙලන්නේ දරු පැටවුන් හින්දයි
රෑ නොනිදා මුර සේවයෙ ඉන්නේ පඩිපත අරගන්නයි
මං නැති රෑ මගෙ පැල් කොටේට අනංගයා රින්ගයි
හැම දෙයක්ම මා ඉවසා ඉන්නේ දරු පැටවුන් හින්දයි

කහට උගුරකින් තොල කට තෙමාන දුක් වින්දයි
ඒ ගැන දන්නේ මා හැර උඩ ඉන්නා දෙවියොයි
පැල් කොටයේ සිදු වන දේ මගෙ හදවත පාරයි
මොනව උනත් නුඹ තාමත් පැටවුන්ගේ අම්මයි

උදෑසනින් මං ආවම පැටවුන් අත එල්ලෙයි
උන් දැක්කම ආදරයෙන් පපුවම පිච්චෙයි
අනංගයා සමඟින් නුබ ලගදිම අප හැර යයි
මගේ පැතුම පන ඇති තුරු දරුවන් රැක ගැන්මයි

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X