බොල්පිණී වෑහෙන වේලාවේ - bolpini wehena welawe (රූකාන්ත ගුණතිලක - rookantha gunathilaka)




බොල්පිණී වෑහෙන වේලාවේ
ඔබගෙන් සමුගෙන යා යුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ //
බොල්පිණී වෑහෙන වේලාවේ

ගැලපිට නැගලා ඈත ගම් බලා
පියමන් කරවන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවනතුරු
ඔබ සිහියට එන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ

ඔබ අවදිව මා සොයනු එපා
ඈතයි මා ඉන්නේ
තවලම්කරුවෝ කවරදාක හෝ
එකම තැනක උන්නේ

බොල්පිණී වෑහෙන වේලාවේ


No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X