ළය ගින්දරින් ගිනි ගන්නා - laya gindarin gini ganna (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ..
කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ..
හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ..
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ..
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ..

තරු කැට දෙක තුනක තනිකම මකන්නට..
මට බැරි වේවි නුඹහට මෙන් විටින්විට..
වරදින් මිදී නුඹ යළි ආවොතින් ගෙට..
වරදක් කියන් නෑ කවදාවත් නුඹට..

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ..
කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ..
හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ..
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ..
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ..

නුඹටම හුරුපුරුදු නැළවිලි නොදත් මම..
තනියම කොහොම පැටවුන් නිදි කරන්න ද..
දරුවන් නිසාවත් නුඹ ආවොතින් ගෙට..
අහිතක් හිතන් නෑ කවදාවත්ම මම..

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ..
කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ..
හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ..
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ..
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ..

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X