හිත හෙමිහිට හදාගන්න - hitha hemihita hadaganna (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


හිත හෙමිහිට හදාගන්න රත්තරන් මට
සිහිනෙන්වත් එන්න එපා සුවද අරගෙන
සමරුපොතේ දඟ කෙරුවත් අපේ මතකය
හදා ගන්න මට දෙන්න මගේ හදවත
හදා ගන්න මට දෙන්න මගේ හදවත

අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ
කුළුදුලේම පෙම් බැන්දේ මා ඔබටයි රහසේ
කියාගන්න බැරිවුවට හිතේ ආදරේ
සිහිනෙන්වත් ඔයා ලගින් නෑ වෙන්වුවේ


යහළු යෙහෙලියන් සමගින් අපි පාසල් පාරේ
ඇවිද ගියපු මග පාළුයි අපි අද නෑ නේ
කියාගන්න බැරිවුවට හිතේ ආදරේ
සිතින් නේද අපි දෙන්නා ලංවී ආදරේ කලේ


සිත හෙමිහිට හදාගන්න රත්තරන් මට
සිහිනෙන්වත් එන්න එපා සුවද අරගෙන
සමරුපොතේ දග කෙරුවත් අපේ මතකය
හදා ගන්න මට දෙන්න මගේ හදවත
හදා ගන්න මට දෙන්න මගේ හදවත

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X