ඇහැළ මල් පිපෙනා දෙවැට දිගේ - ahala mal pipena (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


ඇහැළ මල් පිපෙනා දෙවැට දිගේ
නුඹ පියමැන්නා
පුන් පෝයදාට සඳ විලසින්
මූණ දිලෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ලඟ හිදිමින් මං
එබී බලන්නම් ............

වත්සුනු තැවරූ ගත මට
අගේ නොවෙන්නා
වනේ පිපිනු මලක් විලස
සුවඳ හමන්නා
ඔමරි බැලුම් හෙලාවී
මූණ බිමට නැවේවි ....

බහක් නොදී ගියත්
අහක බලා සිනාසී
මටම හිමීයැයි මගෙ සිත
නිතර කියාවී
මග බලමින් සැමදා
ඉනි වැටලඟ ඉන්නම් ..

ඇහැළ මල් පිපෙනා ......

එකතු කලේ : හද රැදි ගී



No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X