නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

කියඹු ලතාවේ නටන ඔලිඳ ලතාවේ - kiyabu lathawe natana (දිමංක වෙල්ලාලගේ - dimanka wellalage)


dimanka wellalage sinhala song lyrics


කියඹු ලතාවේ නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ...
රහට මුලා වී... කඩං වැටුනේ මමනේ...

කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...

රෑ නිදි යහනේ එදිනම මා
පෙම් මදිරා මතින් මත් වී ගියා...
සිතඟි බඳුන බිඳුනා... පපුවෙ පුලිඟු දැව්නා...
මෙමට ඔබම ඔබිනා බව සුලඟ පවා කිව්වා...

නලඟනකට මා වසඟ වෙලා
පියඹා ආ සිත තෙත් වී ගියා
බඹර විසේ සිඳුනා පෙමක ගැඹුර දැනුනා
ඔබම මගේ කුලඟන වී සසර පුරා බැඳුනා...

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ...
රහට මුලා වී... කඩං වැටුනේ මමනේ...

කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්

කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X