කවි සී පද ඇහෙන රෑට - kawi seepada (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


කවි සී පද ඇහෙන රෑට
කුරහන් මල් පිපෙන රෑට
සරාසඳ පෙමාතුර ගී ගයාවී
වලාපෙළ අඳුර ළඟ ඉකිබිඳීවී
මල් පිපුනට පාට පාට
අසරණ වූ මගේ දෑස
නිදියහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

පහන් සිලෙන් නොදුටුව රුව
ඇළ දොළ ලඟ සිරියාවට
හිරු කුමරුට අත වනන්න හදනවා
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා

අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
නැලවීහන් සංකා හැර ප් රේමියේ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X