කිරිවෙහෙරට ඉහළින් දග කරන - kiri weherata ihalin (චන්දන ලියනාරච්චි - chandana liyanarachchi)


chandana liyanaarachchi sinhala song lyrics


කිරිවෙහෙරට ඉහළින් දග කරන සදවතී
වැඩ සිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇති
මැනික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැති
අද මගේ වෙලා මා ලග නවතින්න සදවතී...//

තුරුපත් හිස් මුදුනින් සෙත් පතයි නැමි නැමී
සියපත් සිය දහසක් මල් පිපෙයි සුවදැතී
තිස්සෙම සිත දුර යයි ඇස් දෙකට නිදි නැති
අද මගෙත් එක්ක මගේ ගෙදර යමුද සදවතී...//

කිරිවෙහෙරට.....

මල් පහන් පැලට අඩුවක් නැති කදුලු වැහි දිදී
සිත නිරන්තරව ඔය පස්මහ බැලුම් බැලුවැති
සතරවරිගයම නැතුවත් අපට අපි ඇති
අද මගේ වෙලා මගේ ගෙදර යමුද සදවතී...//

කිරිවෙහෙරට ......

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X