නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

දළදාවේ හේවා හඩ ඇසෙනකොට - daladawe hewa handa (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


දළදාවේ හේවා හඩ ඇසෙනකොට
මට වාගේ නුඹටත් දුක දැනෙනවද
දළදා වීදියේ දෙපසක යනෙන සඳ
පෙර අප සැරි සැරූ මතකය හඬනව ද

නුවර වැවේ රැළි බිඳුණා වාගේම
අප පෙම බිඳුණු දා මම ළසොවින් තාම
කොළඹ රටට මම ගියාට පසු දාම
ඔබ ඔහු හිත අරන් තිබුණා රහසේම

දළදාවේ හේවා හඬ...

නෙතේ රැවටුනත් මගෙ රුව හැමදාම
ඔබ නෑ මගේ හිත තුරුලේ රඳවාන
රැක ගත් නිසා මම මගෙ පෙම පණ සේම
දරුවන් ලද නමුත් මගෙ හිත ඔබ ගාව

දළදාවේ හේවා හඬ...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X