නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

අජානීය ස්කූටර් තුරඟා පිට - ajaniya skootar (කරුණාරත්න දිවුල්ගනේ - karunarathna diwulgane)


Karunarathna diulgane sinhala song lyrics


අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුණා

සූ සැට ශිල්පය උගෙනා පාර ගතව ගියෙනා
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හඳුනා සගය සිනා නගනා
ප් රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියෙයි ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි වුණත් සාධු මල් පිපියන් සැමදා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X