නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

අහිංසකාවී - ahinsakawi (Dimanka Wellalage)


dimanka wellalage sinhala song lyrics


ලෙංගතුකමින් හුරු
හිත වෙත ඇතුල් වුණු
ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු
ගමනේ විඩා නිවූ
දුටුවන් වශී කෙරූ
ඔබ පිළිමයක් බඳූ රනින් ඔප දැමූ

පොළවේ පතුල් තැබූ රූ සිරි නරඹා
දැනුණේ තොටිල්ලකින් නලවන සේමා

අහිංසකාවී
ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදා දී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

මල් කූඩ අත දරා
පින්තූර ජවනිකා
රඟන්න වේදිකාව ගින්දරේ හොවා
ලා රෝස යාය පීරලා
රූ වාසනාව කැන්දලා

අහිංසකාවී
ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

මන්තීරු පැටලෙනා
පින්තාරු ප්රහෙලිකා
අගේට තෝරගන්න එන්න පේවෙලා
මා හාදුවෙන් ම දෝවනා
ඒ කාරණාව තේරුණා

අහිංසකාවී
ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදා දී
මගෙ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ…
එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X