නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මට හිමි නැති - Mata Himinathi (Athula)


මට හිමි නැති  - Mata Himinathi (Athula)මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

හිතට හිත ඈත් වෙලා..
ආදරේ හුදකලා වෙලා..
ජීවිතේම මං කියලා..
හීන අවතැන් කලා..
දුටු හීන අවතැන් කලා..

විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

ඔබ නැති හීනයේ පවා
මං තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා
මතක තවම තනි රැක්කා..//

විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

මට හිමි නැති...

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X