කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..
නවතින්න අවසරයි ප්‍රේමයෙන්...
කවුරුන්ද කවුළුව වැහුවේ...//
නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා..
හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා..
නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා..
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා..
මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ..
අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ..
ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ..
යලි එන්න හැකිනම් ඉක්මනින්..
නුඹෙ සුවඳ විලවුන් තවරා - සයනයේ ගුලිවෙලා..
පැරණි මතකය මා ඉල්ලා - යලි එන්නෙ නැති නිසා..
යලි එන්නෙ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ වසලා..
කවුරුන්ද කවුළුව වැහුවේ...
No comments:
Post a Comment