නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මගේ කියා - Mage Kiya (Athula Adikari)


Supun Ayeshmantha Wijebandara
මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න
හිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබමය
ඇස් දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන් නැතිවාට
කදුළු මතක අපේ සිහින කර අඩන්නෙ තනිව
අඩන්නේ තනිව.........

දුර ‍රැදිලා කදුළු දරන් මට හිදින්න බෑ
මා තනිවම විදිනවා දුක ඔයා දන්නෙ නෑ
නාඳුනනා ලෙස සැමදා මට ඉන්නට බෑ
කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ
යලි හිමිවෙන්නෙ නෑ.........

හිත දවනා මතක තියන් මට හිදින්න බෑ
රෑ තනිවම හැඩුව තරම් ඔයා දන්නෙ නෑ
මේ දෑසට යලි කිසිදා ඔබ හමුවන්නේ නෑ
කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නෙ නෑ
යලි හිමිවෙන්නෙ නෑ..........

මගේ කියා.......

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X