සඳ පිණි දිය - Sada pini diya (Radeesha Vandabona


සඳ පිණි දිය ගලා හැලෙන පාළු හිතෙන හැන්දෑවක
Thilini Malka , Galleහෙමින් හෙමින් මටත් හොරෙන් නුඹව හිතට දැනුනා
සිහින ගෙනෙන රාත්‍රියක සන්සුන් නැති හිතට එබෙන
නුපුරුදු සිහිනයක් වගේ නුඹව හිතට දැනුනා
 නුඹව හිතට දැනුනා..

කඳුලු කතා අමතක වී පෙම්වත් වු සිතුවිලි ලඟ
ලියවෙන හැම කවි පදයම නුඹේ නමට පිදුනා
සසරේ මං හැමදාකම නුඹේ ලඟට වී
නුඹේ ලඟට වී..

ලෙන්ගතු ඔය නෙත පාමුල පැතුමක් වී සදාකල්ම
නුඹේ නමින් මිය ඇදෙන්න මගේ හිතට හිතුනා
සසරේ මං හැමදාකම නුඹේ ලඟට වී
නුඹේ ලඟට වී..

සඳ පිණි දිය ගලා ...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X